Total Pageviews

St. John's College Panadura


      

          සාන්ත ජෝන් විද්‍යාලය - පානදුර

 

 

සාන්ත ජෝන් විද්‍යාලය


පානදුර සාන්ත ජෝන් විද්‍යාලය
සාන්ත ජෝන් විද්‍යාලය කලුතර දිස්ත්‍රික්කයේ පානදුර ප්‍රද්ශයේ ඇති ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාසලකි. එය 1876 වසරේදී ආරම්භ කරන ලදී. සාන්ත ජෝන් විද්‍යාලය සතුව වසර 134 ක සාඩම්බර ඉතිහාසයක් පවතී. ආරම්භයේදී ගැහැණු හා පිරිමි දරුවන් කුඩා ප්‍රමානයකින් ආරම්භ කලත් වර්තමානයේ 2000 කට අධික සිසුන් පිරිසක් සාන්ත ජෝන් විදු මව් තුරුලේ අධ්‍යාපනය හදාරමින් සිටියි. දැන් එය ශ්‍රී ලංකාවේ ඇති අතලොස්සක් වූ ජාතික පාසල් වලින් එකකි.



වත්මන් සාන්ත ජෝන් විද්‍යාලය

අද දින වන විට සාන්ත ජෝන් විද්‍යාලය, විද්‍යාලයාධිපති එම්.එන්.එච්.ටි.පි. ද සිල්වා මැති තුමන් විසින් මග පෙන්වන 100 කට වැඩි ගුරු මණ්ඩලයකින් නැණ ලබන 2000 කට වැඩි සිසු පිරිසකට විද්‍යාස්ථානය වන්නේ ය. ශ්‍රී ලංකා වේ පාසල් අතුරින් ඉදිරියෙන්ම සිටින සාන්ත ජෝන් විද්‍යාලය දිවයිනේ පාසල් අතුරින් විශිෂ්ඨතමයන්ගේ විශිෂ්ඨතමයෙක් ලෙස සැලකෙන්නේ ය. එමෙන්ම සාන්ත ජෝන් විද්‍යාලය ශ්‍රී ලංකාව තුල පමණක් නොව සමස්ත ලෝකයේම කිසිදා නොමැකිය හැකි සලකුණක්ව වැජඹෙයි.

සාන්ත ජෝන් විද්‍යාලයේ සැකස්ම

ප්‍රාථමික සහ ද්විතීයක ලෙස පාසල සතු අංශ දෙකකි. ප්‍රාථමික අංශය 1 සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන් හට සෙවන සදන්නාක් මෙන්ම ද්විතීයක අංශය 6 සිට 13 ශ්‍රේණි දක්වා සාන්ත ජෝන් සිසුනගේ විදු පියස වන්නේය. ප්‍රාථමික හා ද්විතීක මෙන්ම අ.පො.ස උසස් පෙළ සදහා ගණිත, විද්‍යා, වාණිජ හා කලා යන සියලු අංශයන්ගෙන් ප්‍රවීන ගුරු මණ්ඩලයක් යටතේ සිප්සතර ලැබීමට සියලුම පාසල් විද්‍යාර්ථයින් භාග්‍යවන්ත වී ඇත.

සාන්ත ජෝන් විද්‍යාලීය ආදි සිසුන්

පරසිදු උගතුන් මෙන්ම වෛද්‍ය, තාක්ෂණික, දේශපාලන, පොදු සේවා, අධ්‍යාපන ආදී අංශයන්හි ප්‍රබලතම මෙන්ම අමරණීය චරිතයන් බොහොමයක් සාන්ත ජෝන් විද්‍යාලය නැමති මව් තුරුලින් අධ්‍යාපන‍යෙන් මෙන්ම ගුණධර්ම වලින් ද පහස ලැබූවෝ වෙති. එමෙන්ම සාන්ත ජෝන් විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය, ශ්‍රී ලංකාවේ බිහි වූ ප්‍රථම ආදි ශිෂ්‍ය සංගමය ද වේ.

සාන්ත ජෝන් විද්‍යාලීය කීර්තිමත් ආදි සිසුන් අතලොස්සක්


කලුතර දිස්ත්‍රික්කය
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතා
ආචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල මහතා
එඩ්මන් ඩයස් මහතා
ගෞරි වික්‍රමසිංහ මහතා
ආචාර්ය ගුණපාල මලළසේකර මහතා
ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා
ලෙස්ලි ගුණවර්ධන මහතා
ස්ටැන්ලි සේනානායක මහතා
ලලිත් ඇතුලත්මුදලි මහතා
ඒ.සී. ගුණරත්න මහතා
ශ්‍රීමත් සුසන්ත ද ෆොන්සේකා මහතා
ආචාර්ය එම්.වි.පි. පීරිස් මහතා
පිටර් පෙරේරා අබේසේකර මහතා
නන්දසිරි ජිනසේන මහතා
න්න්දසේන රත්නපාල මහතා
ඩග්ලස් රාමනායක මහතා
ඩි.කේ. කුලසේකර මහතා
ජේ.ඒ. සමරසේකර මහතා
සි.පි.පි. සමරසේකර මහතා
පර්සි සමරවීර මහතා

විද්‍යාලීය ගීතය

සාන්ත ජෝන් අප විදුහල් මාතා
හෙබවූ පානදුරා
දුසිරිත පලවා සුසිරිත නංවා
විජයතු ඔබ මාතා......
විජයතු ඔබ මාතා
ගැමුණු විජයබා මහ හෙලවිරුවෝ
දෙස බස රැස නැංවූ
එබදු විරාජිත ගුණයෙහි පූජිත
සුගත් අපේ මාතා
සාන්ත ජෝන් අප විදුහල් මාතා
හෙබවූ පානදුරා
ගුණකද ඉතිරී දස දෙස පැතිරී
දින දින දියුණු සදා ආ.... ආ....
තෙද බල පෙන්වා පෙරමුණ ගන්නෝ
ඔබෙ සුරතල් දරුවෝ
අභිමන් වඩවා ආසිරි සුවදින්
පුද දී වෙමු සුරුවෝ
සාන්ත ජෝන් අප විදුහල් මාතා
හෙබවූ පානදුරා
හෙලඹර වැජඹෙන ඹබ සිරි දෙරණේ
දිගුකල් වැජබේවා....
දිගුකල් වැජබේවා....





නීල හරිත සටන

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැකෙන මතක සටහන් ඉතිරි කරන, නීල හරිත සටන යන නාමයෙන් විරුදාවලිය ලැබූ ක්‍රිකට් මහ සටන සෑම වසරකම ක්‍රිකට් නම් වූ යුද පිටියේ යුද නායකයන් ලෙස සැලකෙන පානදුර සාන්ත ජෝන් විද්‍යාලය හා රාජකීය විද්‍යාලය, පාණදුර අතර සෑම වසරකදීම පානදුර නගරසභා ක්‍රීඩාංගනයේදී පවත්වනු ලබයි. එහි එක් දින තරග සත්කාරකත්වය සාන්ත ජෝනුවන් උසුලන කල්හි ටෙස්ට් තරග සත්කාරකත්වය රාජකීයන් උසුලනු ලබයි. එහි එක් දින තරග සත්කාරකත්වය රාජකීයන් උසුලන කල්හි ටෙස්ට් තරග සත්කාරකත්වය සාන්ත ජෝනුවන් උසුලනු ලබයි.




විද්‍යාලයීය ක්‍රීඩා නිවාස

මෙහි දැක්වෙන්නේ සාන්ත ජෝන් විද්‍යාලීය ක්‍රීඩා නිවාසයන්හි නිවාස නාමයන්ය.
  • කන්නංගර නිවාසය
  • එඩ්මන් නිවාසය
  • ෆවුන්ඩස් නිවාසය
  • මොරිස් නිවාසය

වැඩිදුර කියවීම සදහා පිවිසුම්




සාන්ත ජෝන් විද්‍යාලය - පානදුර
නත්ථි මෙත්තාය දුක්කරං
ස්ථානය
උඩහමුල්ල, පානදුර.
ශ්‍රී ලංකා ශ්‍රී ලංකාව
තොරතුරු
වර්ගය ජාතික පාසලකි
ස්ථාපිත 1876
ආදිකර්තෘ සිරිල් ජෑන්ස් මහතා
විදුහල්පති එම්.එන්.එච්.ටී.පි. ද සිල්වා මහතා
ශ්‍රේණි 1 වසරේ සිට 13 වසර දක්වා
බාලක/බාලිකා ගැහැණු සහ පිරිමි
සිසුන් ගණන 2000 ට වඩා වැඩි
වර්ණuය(න්) කොළ හා සුදු         
වෙබ් අඩවිය

.................................................................................

 

           St. John's College Panadura

 

 St John’s College is a prominent school in Panadura, Sri Lanka, that was founded in 1876. It is a National school with a student population of 2000 and staff of about 100.

 

History


St. John's College,Panadura
St. John's College was initially known as 'Primary State English School' which had existed from about the middle of the 19th century. In 1876 it received endowments from Wasala Mudliyar Susew de Soysa as well as Sir Charles Henry de Soysa and was named 'St. John's College' by the Bishop of Colombo Rt. Revd. Dr. Reginald Stephen Copleston. It was ceremonially opened by the Governor Sir William Henry Gregory on 14 June 1876 (along with the Prince of Wales' College, Moratuwa).
In 1882, Mr. Cyril Arnold Jansz was appoined the first principal by the Bishop of Colombo at the request of the people of Panadura and has rendered an immense service for the upliftment of the school. Starting with a few students the numbers raised gradually and in 1885 classes for girls began at St John’s started by Mrs Jansz. The school has a proud history of more than 100 years and celebrated the 125th anniversary during the year 2000.[1][2]..



School Anthem

Nihil Amanti Difficille
Is our motto bold
The green-silver-green
Our noble flag
Proudly we unfold //
Our Alma mater well beloved
To thee we bring this song
All thy children far and near
To honour thee we throng
Nihil Amenti Difficille
Is our motto bold
The green-silver-green
Our noble flag
Proudly we unfold
On bended knee we bow to thee
Johnians since of your
May the rampant eagle
Fly for ever more //


Alumni

The alumni of St. John's College are known as Old Johnians.[4] Alumni include:


 From Wikipedia, the free encyclopedia
 http://en.wikipedia.org/wiki/St._John%27s_College_Panadura

No comments:

Post a Comment